Posts

වැව හා සම්බන්ධව සිදුකරන පූජා චාරිත්‍ර

Image
දිවුලපැලැස්සේ රතනවංශ හිමි ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා) ශ්‍රී  ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුර vendrathanawansha@gmail.com කෘෂිකාර්මික ජන ජීවිතයේ වැව හා ගැමියා අතර ඇත්තේ අත්‍යන්තර බැඳීමකි. සෑම වැවකටම ජලය ලැබෙන වර්ෂාව ක්‍රමිකව සිදු නොවී ය. කෙත් වතු සාරවත් කර ගැනීම හා ස්වභාව ධර්මයෙන් සිදුවන විපත් වලින් ආරක්ෂා වීමට වැව මූලික කර ගනිමින් දෙවියන්ට පුද පූජා පවත්වනු ලැබේ. කෘෂිකර්මාන්තය සශ්‍රීකවත් කරගැනීමේ අරමුණෙන් ගුප්ත බලවේග විශ්වාසයෙන්ම පමණක් අභිචාර විධි අනුගමනය කළාද? වර්තමානයේ දුරස් වෙමින් පවතින ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජන සංස්කෘතියේ වැව මූලික කරගත් අභිචාර විධි පිළිබඳ ග්‍රන්ථ සංධාරයෙන් හා ප්‍රායෝගික කෙෂත්‍ර අධ්‍යයනයෙන් දත්ත විශ්ලේෂණය සිදු කරන ලදි.  වැව මූලික කරගත් පූජාවන් පිළිබඳ සඳහන් වන පැරණිම පුවත වාර්තා වන්නේ මහාවංසයෙනි. ඒ පණ්ඩුකාභය රාජ්‍ය සමයට අදාළවයි. අභය වැව යට භාගයෙහි විසූ චිත්‍රරාජ යක්ෂයා (චිත්‍රරාජයා හා සම අස්නෙහි සිටිමින් රජතුමා දිබ්බ මානුෂ නැටුම් නරඹමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇලවී) සම්බන්ධ පූජාවන් පිළිබඳව සඳහන් වේ. වැව හා සම්බන්ධ පූජාකර්ම අතර ප්‍රධාන වන්නේ අ...

සංරක්ෂණ ඉතිහාසය හා ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණ⁣යේ විකාශනය

Image
කැටපත් පවුර සංරක්ෂණය   උරුම සංරක්ෂණ ඉතිහාසයය පිළිබඳව විමසා බැලීමේ දී එය පුරාණ ස්මාරක හා ගොඩනැගිලි ඇතුළු චංචල හා නිශ්චල සංස්කෘතික දේපළ වන පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම සඳහා සිදුකරනු ලබන ක්‍රියා ප්‍රතිපදාව ලෙස හඳුනාගත හැකි ය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය ප්‍රාග් ඓතිහාසික යුගය (ශිලා යුගය) මූල ඓතිහාසික යුගය (යකඩ යුගය) හා ඓතිහාසික යුගය දක්වා වු කාල රාමුවට අයත් වේ. එය අවුරුදු මිලියන එකක් පමණ ඈතට විහි දී යයි. එයට හේතුව වන්නේ අනුමාන කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධක ඒ කාල වකවානුවේ සිට සොයා ගෙන තිබීම යි. යකඩ යුගය ක්‍රි.පූ. 1000 සිට ද ඓතිහාසික යුගය ක්‍රි.පූ. 500 සිට ද ආරම්භ වන බව ඒ කාල වකවානුවට අයත් පුරාවිද්‍යා උරුම සාධක තහවුරු කර තිබේ. පුරාවිද්‍යා උරුමය අවධියෙන් අවධියට ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කර තිබේ. එහි දී කළමනාකරණ උපක්‍රමය විශේෂයෙන් පෙන්වා දිය හැකි ය. ලොක් සංවර්ධන ව්‍යාපෘති මගින් උරුමයන්ට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා විවිධ විධි උපක්‍රම භාවිත කර තිබේ. පුරාවිද්‍යා උරුම වස්තූන්ට සිදුවිය හැකි හානි වළක්වා එම උරුමය ආරක්ෂා කිරීම උරුම සංරක්ෂණයේ ප්‍රධාන මූල මූලධර්මය යි. (ගුණ...

උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාරය

Image
දිවුලපැලැස්සේ රතනවංශ හිමි ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා) ශ්‍රී  ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුර vendrathanawansha@gmail.com උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳ මෙන්ම එම සංකල්පවල අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්ත්වයන් සාකච්ඡා කරයි. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන්ම ක්‍රියාවලියකි. උරුමය ස්වාභාවික මෙන්ම සංස්කෘතික වශයෙන් ස්පර්ශිත මෙන්ම අස්පර්ශිත ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප්‍රකට කරන අතර උරුමයකට ළඟා කර ගත හැකි ඉහළ ම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි. ආරෝපිත ජගත් උරුම අනන්‍යතාව තත් ක්ෂේත්‍රයන්හි සංචාරක ආකර්ෂණයට ඍජුව ම බලපාන අතර එය ක්ෂේත්‍රයේ උරුම කළමනාකරණ ක්‍රියාදාමයට ධනාත්මක මෙන් ම ඍණාත්මක බලපෑම් එල්ල කරනු ලැබේ. ඒ අනුව විවිධ ක්ෂේත්‍ර සන්දර්භයන්හි ගති ලක්ෂණ මත උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය අතර සබඳතාව විඝටනාත්මක හෝ අන්‍යෝන්‍ය සහජීවන සබඳතාව ප්‍රකට කරනු ලැබේ. මෙම උරුම ක්ෂේත්‍ර වර්තමානයේ ගෝලීයකරණය, වෙළඳපොළ ආර්ථිකය සහ සංස්කෘතික භාණ්ඩකරණය වැනි ප්‍රවණතා අබිමු...

ශ්‍රී ලංකාවේ මැටි බඳුන් ඉතිහාසය හා වර්ගිකරණය පිළිබඳ අධ්‍යයනයක්

Image
දිවුලපැලැස්සේ රතනවංශ හිමි ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා) භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුර සරළ ජීවනෝපාය මාර්ග ඔස්සේ සිය දෛනික අවශ්‍යතා සපුරා ගනිමින් තැනින් තැන වාසය කළ අතීත මානවයා කල් යාමේ දී කණ්ඩායම් වශයෙන් එකට ඒකාබද්ධව විසීමත්, කාලීන අවශ්‍යතා වැඩිවීමත්, පෙරට වඩා බුද්ධි මට්ටමින් ඉහළ යාමත් හේතු කොට ගෙන විවිධ මෙවලම් තැනීමට පෙළඹුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස මැටි බඳුන් නිර්මාණය වී ඇත. මුල් කාලයේ දී ආහාර රැස් කිරීම හා ගබඩා කිරීම සඳහා මැටි බඳුන් යොදාගත් අතර, පසු කාලයේදී සිය අවශ්‍යතා බහුල වීම නිසා ආහාර පිසීම, ආහාර සංරක්ෂණය, ගෘහ අලංකරණය, සනීපාරක්ෂක කටයුතු වැනි මූලික කරුණු පදනම් කර ගනිමින් මැටි මෙවලම් නිර්මාණය විය. මැටි බඳුන් පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයේදී කැණීම් මගින් හමුවන සාධක මගින් ඒ ඒ රටවල් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකි ය. එහිදී,        1. කාලීන මානව අවශ්‍යතා         2. ආගමික තොරතුරු         3. තාක්ෂණය         4. ජනාවාස ව්‍යාප්තිය ...