නිධාන සංකල්පය මුවාවෙන් විනාශවන ශ්‍රී ලංකාවේ කඩඉම් සංකේත පිළිබඳ අධ්‍යයනයක්
දිවුලපැලැස්සේ රතන වංශ හිමි
ගෞරව ශාස්තවේදි (පුරාවිද්‍යා )
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර
ප්‍රෞඩ ඉතිහාසයක ශ්‍රේෂ්ඨත්වය කියාපාන ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයක් වන මායීම් දක්වන සංකේත හා ඉඩම් බුක්ති පවරාදීම පිළිබඳ සංකේත වර්තමානය වන විට නිධාන සංකල්පය නිසා විශාල ලෙස විනාශවෙමින් පවති. මෙයට හේතුව කුමක්ද යන්න විමසා බලා එහි සත්‍යාසත්‍යය පිළිබඳ අධ්‍යයනයක් කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි. ග්‍රන්ථ සංධාර ක්‍රමවේදෙය, සම්මුඛ සාකච්ඡා හා කේෂත්‍ර ගවේෂණය දත්ත රුස්කිරීමේ දී භාවිත කරන ලදි.
ලංකා ඉතිහාසයේ කිසියම් යුගයක කලා සම්ප්‍රදායක් නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධකයක් හමුවේද එහි වටිනාකම අප්‍රමාණය. නිධන් පවතින බවට ඇතැමුන් කරන තර්ක විතර්ක අතර නිධන් වදුලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. එම ග්‍රන්ථය රචිත කාලය 18 වැනි සියවස ලෙස පවසයි. නිධන් වදුල යනු සාහිත්‍ය අංගයක් මිස නිධාන පිළිබඳ සත්‍ය විස්තර ඇතුළත් ග්‍රන්ථයක් නොවේ. එහි භූමි සීමා සලකුණු සඳහන් කිරීමේදී යම් යම් සම්පත් ඒ ප්‍රදේශ ආශ්‍රිතව තිබෙන බව දක්වා ඇත. එය සැබවින්ම අසත්‍ය පූකාශයකි. ඉර හඳ, වටාපත, ඇත් අඩිය, දුන්න, ඊතලය හා සත්ව රූප ආදී සලකුණු පවතින ස්ථාන වල නිධන් ගත වස්තු ඇති බවට ජන සමාජයේ එල්බගත් විශ්වාසයක් ඇත. ඒ අනුව එම ස්ථානවල නොයෙකුත් අභිචාර පවත්වා එම පුරාකෘති විනාශ කරනු ලැබේ. ගල්වල කෙටූ සලකුණු පැරණි කඩඉම් ලකුණු මිස නිධන් පිළිබඳ සලකුණු නොවේ. උදාහරණයක් ලෙස හඳපාන්ගොඩ ප්‍රදේශයේ සීමා සලකුණු කිරීමට චන්ද්‍ර සංකේතය මෙන් ම කැළණියේ සීමාව සලකුණු කිරීමට නාග සංකේතය ද යොදා ගෙන ඇත්තේ භූමි සීමා පෙන්වීමටය. ඉඩම් පමුණුවා දීමේදී හා ප්‍රාදේශීය සීමා සළකුණු කිරීමේදී භාවිත කළ සංකේත කීපයක් හදුනාගත හැකිය. දවුල, තම්මැට්ටම, සිරිවස, දුනු ඊ තල, හක් ගෙඩිය, ඉර, හඳ, වටාපත, දැකත්ත, කවුඩා, බල්ලා, කඩුව, පළිහ, වැනි සංකේත ද සත්ත්ව හා පක්ෂි පාද ලාංඡන ද සුලබව දැකිය හැකිය. මේවා එවකට සමාජයේ පැවති ආගමික හා සමාජයීය සංකල්ප මත ස්ථාපිත කළ අතර ඒ තුළින් සංනිවේදන හා පාලන කටයුතු සිදුකිරීමේදි මහත් පහසුවක් සිදු විය. එහෙත් වර්තමානය වන විට මේ පිළිබද ඇති වැරදි අවබෝධය නිසා විශාල පුරාකෘති ප්‍රමාණයක් සංහාරයට ලක්ව ඇති බව දැකගත හැකිය.
මේ අනුව බලන කල්හි නිධාන සංකල්පයෙන් විනාශයට ලක්වක ඓතිහාසික, සංස්කෘතික, ආගමික හා දේශපාලනික උරුමයක් වන කඩඉම් හා ඉඩම් පමුණු වූ සංකේත බවත් ඒවා නිධාන තැන්පත් ස්ථානයන්හි යතුරු සංකේත නොවන බවත් අවබෝධ කරගත හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
🔹කඩඉම් පොත් විමර්ශනය (1978) අභයවර්ධන, එ.ච්ඒ.පි, සංස්කෘතික දෙපාර්තමේන්තුව.
උදාහරණ සංකේත කිහිපයක්
Comments