මනෝ චිකිත්සාව හා කායික දුක් දුරලීම සඳහා බෞද්ධ භාවනාව කෙරෙහි ඇති නූතන ප්‍රවනතාවය කෙතෙක් දුරට සාර්ථකද? (සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් විමසුමක්)
දිවුලපැලැස්සේ රතනවංශ හිමි
ගෞරව ශාස්තවේදි (පුරාවිද්‍යාව )
ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර .
vendrathanawansha@gmail.com
පර්යේෂණ ගැටලුව හා අරමුණ
වර්තමානය වන විට බටහිර වෛද්‍ය විද්‍යාඥ්ඥයන් මනෝ චිකිත්සන හා කායික රෝග නිවාරණය සඳහා බෞද්ධ භාවනා ක්‍රමවේද භාවිත කරන්නේද? යන්න විමසා බැලීම පර්යේෂණ ගැටලුවයි. “මිනිසා යනු නිරන්තරයෙන් ගැටුම්වලට හා විවිධ ප්‍රශ්න හමුවේ කායිකව හා මානසිකව පීඩා විදින්නෙකි.” මෙම ස්වභාවය මඟහරවා ගැනීමට ඔවුන් විවිධ දාර්ශනික හා මනෝවිද්‍යාත්මක උපදේශන සඳහා යොමු වූ අතර ඒවා විවිධ ආගමික හා දර්ශයන් පදනම් කරගත් ක්‍රමවේදයන්ය. දුක්කදෝමන්සයන් සංසිදුවා ගැනීම සදහා හොදම මාර්ගය බෞද්ධ භාවනාව බව වර්තමානය වන විට ලෝකයේ බොහෝ දෙනා පිළිගත් මතයයි. ඒ සදහා හොදම බෞද්ධ භාවනා ක්‍රමවේදයක් ලෙස සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ධර්ම කරුණු පෙන්වා දිය හැකි ය. මෙම මනෝ චිකිත්සක ක්‍රමවේද කෙතරම් දුරට සාර්ථක වී ඇද්දැයි විමසා බැලීම මෙම පර්යේෂණයේ අරමුණයි.
ක්‍රමවේදය
ග්‍රන්ථ සංධාර ක්‍රමවේදය, අන්ර්ජාල තොරතුරු ගවේෂණයෙන් හා සතිපට්ඨාන භාවනාව පිළිබඳ ප්‍රායෝගිකව පුහුණුවීම් තුළින් ලද තෙරතුරු පාදක කරගනිමින් ඒ පිළිබඳ අධ්‍යයනය කළෙමි.
සතිපට්ඨාන භාවනා ක්‍රමය හෙවත් සිහිය පිහිටුවීමේ ක්‍රමවේදය නූතන ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය වූ භාවනාවකි. බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන වූවන්ද මානසික සහනය උදෙසා මෙම ක්‍රමව්දය පුහුණු කරන අතර ආගමික දෘෂ්ටියෙන් තොරවූ සතිපට්ඨාන භාවනා ක්‍රමවේදය මානසික පාරිශුද්ධත්වය සඳහාත් මනෝප්‍රතිකාරය සඳහාත් බෙහෙවින් ඵලදායි බව පිළිගනියි. ලෝකයේ බොහෝ මමනෝවිද්‍යාඥයින්, මනෝවෛද්‍යවරුන්, මනෝඋපදේශකවරුන් මෙන්ම දාර්ශනිකයෝ ද මෙම ක්‍රමය අධ්‍යයනය කර භාවිත කරති. පර්යේෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියවූ පර්යේෂණ ක්ෂේත්‍රයක් ලෙස බොහෝ රටවල සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථාන ප්‍රචලිත වෙමින් පවතියි. මෙම භාවනා ක්‍රමවේදය පදනම් කරගත් බොහෝ මනෝචිකිත්සක ක්‍රම නිර්මාණය කොට ප්‍රතකිාර සඳහා යොදා ගත් අතර එවැනි අවස්ථා කිහිපයක් හඳුනාගැනීමට හැකිවිය.
මානසික ආබාධ සහිත වූවන්ට මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස
පෞරුෂ විකෘතිතා සහිත වූවන්ගේ චර්යා සකස් කිරීම සඳහා (Dialectical Behavior Therapy)
🔹ප්‍රජානන චර්යාවාදී චිකිතස්සාවේ ශාඛාවක් ලෙස (Acceptance and Commitment Therapy)
🔹මොරිතා චිකිත්සාව (Morita Therapy)
🔹නයිකන් චිකිත්සාව (Naikan Therapy)
🔹සතිය පදනම් කරගත් ආතති සමනය (Mindfulness based stress reduction) (MBSR)
🔹සතිය පදනම් කරගත් ප්‍රජානන චිකිත්සාව (Mindfulness Based Cognitive Therapy) (MBCT)
🔹චිකිත්සාවේදී සතිය හෙවත් සිහිය ප්‍රධාන සාධකයක් ලෙස (Core Process Psychotherapy)
🔹සතිය පදනම් කරගත් ආතති කළමනාකරණය (Cindfulness Based Stress Reduction)
🔹කොන්දේ අමාරුව සහිත රෝගීන්ට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවනාව පිළිබඳ කළ පර්යේෂණද සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත.
ඕලාෆ් ජී දීතරගේ මනෝවෛද්‍යවරයා වාර්තා කරන පරිදි ඔහු කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියාවල මානසික ආබාධ සහිත වූවන්ට මනෝචිකිත්සක ප්‍රතිකාර කරන අතරතුර බෞද්ධ සතිපට්ඨාන ක්‍රමය යොදාගෙන ඇත. නිදසුනක් ලෙස, අවු. 27 වයසැති විෂාදීය ලක්ෂණ සහිත වැන්දඹු කාන්තාවක් සඳහා මෙම ක්‍රමය ඉතා සාර්ථක වී ඇත. සතිපට්ඨාන ක්‍රමය අනුව තමන්ගේ සිතුවිලි තමන් විසින්ම නිරීක්ෂණය කොට අවබෝධ කර ගැනීමට සැලැස්වීම මෙහිදී සිදු කර ඇත. මාර්ෂා එම් ලයින්හන් විසින් පෞරුෂ විකෘතිතා සහිත වූවන්ගේ චර්යා සකස් කිරීම සඳහා නිර්මාණය කරන ලද “Dialectical Behavior Therapy” ක්‍රමයද සතිය පදනම් කරගත්තකි. එහිදී මූලිකව සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව සහ චිත්තවේග හඳුනාගෙන නියාමනය කිරීමේ හැකියාව ගොඩනගයි. ප්‍රජානන චර්යාවාදී චිකිත්සාවේ ශාඛාවක් ලෙස නිර්මානය වූ “Acceptance and Commitment Therapy (ACT)” ප්‍රතිකාර ක්‍රමයද මූලික වශයෙන් සතිය පදනම් කරගෙන සිතට පහළ වන හැගීම් සිතුවිලි හා චිත්තරූප දැකීමේ හැකියාව පුහුණු කරයි. මොරිතා චිකිත්සාව “Morita Therapy” ජපානයේ ෂෝමෝ මොරිතා නම් මනෝවෛද්‍යවරයා සෙන් බුදුදහම ඇසුරින් නියුරෝෂීය මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස බිහි කළ ක්‍රමයකි. මෙහිදී වර්තමාන මොහොත පිළිබඳ සිහියෙන් සිටීමට පුහුණු කරන අතර එසේ තමන්ට පාලනය කළ හැකි හා නොහැකි සිතුවිලි හඳුනා ගැනීමට පුහුණු කරවයි. පියවර හතරකින් යුතු මෙහිදී තමන්ගේ හැගීම් හා සිතුවිලි පිළිබඳ දින සටහන් ලිවීමක්ද කරවයි. නයිකන් චිකිත්සාව (Naikan Therapy)

ජපානයේ මනෝ චිකිත්සක ක්‍රමයකි. ‘නයි’ යනු ඇතුළත යන්නයි. ‘කන්’ යනු බැලීම යන අදහස දෙනන්කි. තමාගේ චිත්තාභ්‍යන්තරය තමා විසින්ම බැලීම මෙහිදී සිදු කරයි. එය සත්පට්ඨාන ක්‍රමයේ චිත්තානුපස්සනාව හා සමීපය. ඇබ්බැහි පුරුදු පුනරුත්ථාපනයට හා ආත්ම විසවාසය අවම වූවන්ට වඩා යෝග්‍ය වෙයි. පළමුව සිරකරුවන්ටත්, පසුව සාමාන්‍ය ජනයාට හා පාසල් සිසුන්ටත් හඳුන්වා දී ඇත. සතිය පදනම් කරගත් ආතති සමනය “Mindfulness based stress reduction" (MBSR) ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ මනෝචිකිතස්කවරයා වූ ජෝන් කබත් සින් මෙම ක්‍රමය නිර්මාණය කර ඇත. ආතතිය කාංසාව වැනි තත්වයන් මග හරවා ගැනීමට සුදුසු ක්‍රමයකි. සතිය පදනම් කර ගනිමින් මානසික පීඩනයන් සමනය කරයි. ආතතිය, කාංසාව, පිළිකා හා ඒඞ්ස් වැනි රෝගීන්ට, හෘද රෝගීන්ට වඩාත් සුදුසුය. 1979 ආරම්භයේ සිට 2000 වසර වන විට එම විශ්වවිද්‍යාලයේ 17000 පමණ මෙම ක්‍රමයෙන් ප්‍රතිකාර ලබා ඇත. සතිය පදනම් කරගත් ප්‍රජානන චිකිත්සාව “Mindfulness Based Cognitive Therapy" (MBCT) ප්‍රජානන මනෝචිකිත්සාවේ ශාඛාවකි. විෂාදීය රෝගීන්ගේ මාසනසික තත්වයන් නගා සිටුවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී ඇත. සතිය පිහිටුවාගෙන රෝගියා විසින්ම ඍණාත්මක සිතුවිලි හඳුනා ගැනීමේ ක්‍රමයකි. “Core Process Psychotherapy”
එන්ගලන්තයේ මවුරා සිලිස් හා ෆ්‍රෑන්ක්ලින් සිල්ස් යන දෙදෙනා හඳුන්වා දුන් මෙම චිකිත්සාවේදී සතිය හෙවත් සිහිය ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙයි. ලින්ඩා වයිටෙක් ජනුසෙක් වෛද්‍යවරිය ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් පියොවුරු පිළිකා රෝගීන්ගේ කායික රෝග සමනයට බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ පර්යේෂණ කරති. එහිදී එම රෝගීන්ගේ ප්‍රතිදේහ ශක්තිය වර්ධනය කිරීමට සතිය පදනම් කරගත් ආතති කළමනාකරණ ^Mindfulness
Based Stress Reduction& ක්‍රමය සුදුසු බව සොයා ගැනුණි. ඩැනියෙල් සී චර්කින් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම කොන්දේ අමාරුව සහිත රෝගීන්ට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවනාව පිළිබඳ කළ පර්යේෂණද සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත.
සමාලෝචනය
වර්තමානය වන විට බුදුන්වහන්සේ විසින් චිත්ත පාරිශුද්ධිය, දුක් දොම්නස් නැති කිරීම හා නිවන් පිණිස දේශිත සතිපට්ඨාන භාවනා ක්‍රමය වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස විවිධාකාරයෙන් මිනිසුන්ගේ මානසික සුවතාව සඳහා ලොව පුරා භාවිත කිරීම සඳහා ක්‍රමවේද සකස් කරමින් විවිධ පර්යේෂණ සිදු කරන බවත් ඒවායෙහි සාර්ථක ප්‍රතීඵල අත්විදින බවත් මනාව පැහැදිළිය.

■මහා සතිපට්ඨාන සූත්‍රය, දීඝ නිකාය 2, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2005
■ගුණරතන නාහිමි, මොරටුවේ, සතර සතිපට්ඨාන භාවනාව, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, 2013
■ගුණතිලක, එච්.එම්, සංස්, බෞද්ධ උපදේශන මනෝවිද්‍යාව, බෞද්ධ සංගමය, රජයේ මුද්‍රණාලය, කොළඹ 08, 2016.
Comments